Wednesday, 11 November 2009

These incidents tarnish our image..

කිරිකැටි දරුවා රු.25,000කට විකිණූ මව ඇතුළු තිදෙනෙක්‌ දැලේ
අත්අඩංගුවට ගත් පිරිස අතර වෛද්‍යවරයකුත්


මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

රුපියල් විසිපන්දහසකට කිරිදරුවකු අලෙවි කළ බව කියන එම දරුවාගේ මව වෛද්‍යවරයකු ඇතුළු තිදෙනෙක්‌ මාතලේ මූලස්‌ථාන පොලිසිය විසින් ඊයේ (11 දා) අත්අඩංගුවට ගනු ලැබූහ. මාතලේ පිටකන්ද වතුයායේ මවක විසින් මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී දරුවා ප්‍රසූත කර ඇති අතර පෙරේදා (10 දා) මව රෝහලින් නික්‌ම ගිය බව මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. එස්‌. කුමාරවංශ මහතා පැවැසීය.

දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වූ මව සිය දරුවා නොමැතිව නිවසට පැමිණීම පිළිබඳ සැකසිතූ පිටකන්ද වතුයායේ වතු වෛද්‍යවරයා විසින් මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්‌ෂණ පවත්වා තිබේ.

රෝහලින් පැමිණ දරුවා අලෙවි කිරීම සඳහා මැදිහත් වූ මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ වෛද්‍යවරයා ඔහුගේ ඥතියකුද සහ දරුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විකිණූ බව පැවසෙන දරුවා පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (11 දා) මාතලේ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී තිලක්‌ අබේසිරිවර්ධන මහතාගේ උපදෙස්‌ මත මාතලේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරික්‌ෂක කීර්ති රණවීර මහතා ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.

***********************
Perhaps the doctor may be exonerated at the end,But the damage to the profession has already been done.

No comments:

Post a Comment