වෛද්‍යවරියකට අයුතු බලපෑම් කළැයි
ඇල්පිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි අනිවාර්ය නිවාඩු යවයි
ඒමන්ති මාරඹේ - තුෂාරී කළුබෝවිල
ඇල්පිටිය මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට අයුතු බලපෑම් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල ආරංචි මාර්ග පැවැසීය.
තම රාජකාරියේ යෙදී සිටි තරුණ වෛද්‍යවරියකට ඉකුත් බදාදා (04 දා) වෛද්‍ය අධිකාරිවරයා විසින් මෙසේ අයුතු බලපෑම් කිරීමට තැත් කර ඇති බවට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳව පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුවක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් වෛද්‍ය අධිකාරිවරයා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම ආරංචි මාර්ග කීවේය. මෙම සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාට ද දකුණු පළාත් සෞඛ්‍ය සෙවා අධ්යක්ෂ කාර්යාලය විසින් දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව තමාට දැනුම් දී ඇති නමුත් ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී නැති බවත් එවැනි පැමිණිල්ලක් ලැබුණු පසු සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය හරහා පරීක්ෂණ පවත්වන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
මේ අතර මෙම අයුතු බලපෑම් සිද්ධිය සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු ඒ පිළිබඳව අවශ්‍ය විනය පියවර ගැනීම සඳහා පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
**************************************
Dear Colleagues,
What ever is the true story behind this incident,one thing is clear.That is until we maintain our discipline within the profession, the "Journalists" will have juicy things to write..."
Tuesday, 10 November 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment