Thursday, 26 November 2009

වාරියපොල දැරිය මියගියේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සහ කුරුණෑගල රෝහලේ නොසැලකිල්ලෙන් ඇමැති නිමල් සිරිපාල

අජිත් අලහකෝන්

රුබෙල්ලා එන්නත විෂවී වාරියපොල ශිෂ්‍යාවක්‌ මියගොස්‌ ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නොසැලකිල්ල නිසා බව සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (25 දා) "දිවයින"ට පැවැසීය.

නිසි ප්‍රතිකාර කළේ නම් එම දැරියගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බව විශේෂඥ වෛද්‍යවරුන් තමන්ට වාර්තා කළ බවද අදාළ මරණය සම්බන්ධ විමර්ශන වාර්තාව (26 දා) තමන් වෙත ලැබුණු පසු වැරදිකරුවන් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එම දැරිය වෙනුවෙන් ඇයගේ පවුලේ අය වෙනුවෙන් රජය විසින් සිදුකළ යුතු උපරිම සාධාරණය ඉටුකරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
***************************
Comments-????

True/False/Unverified/less likely/never ever

No comments:

Post a Comment