හෙද විදුහල් විශ්වවිද්‍යාලවලට බාරදීමට සූදානම්
- සෞඛ්‍ය ඇමැති
අජිත් අලහකෝන් - අකිත පෙරේරා
මෙරට තිබෙන සියලුම හෙද විදුහල් විශ්වවිද්‍යාලවලට භාරදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හෙද හෙදියන්ට සහ පරිපූරක වෛද්‍ය සේවය සඳහා ලෝකයේ පිළිගැනීමක් ඇත්තේ එම විෂය පිළිබඳ උපාධිය ලබාගත් අයට බැවින් මෙරට හෙද සේවය සඳහා ද උපාධි පාඨමාලා ආරම්භ කිරීම වෙනුවෙන් හෙද විදුහල් මෙසේ විශ්වවිද්‍යාලවලට භාරදීමට තමන් සූදානම් බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම හෙද විදුහල් භාරගන්නා ලෙස විශ්වවිද්‍යාල කිහිපයකින්ම ඉල්ලා සිටි බව ද කී ඇමැතිවරයා වෛද්‍ය වෘත්තීය සමිති මීට කැමැත්තක් නොදක්වන බව ද කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
************************
Dear friends,
What's your opinion about this move.
-Well wisher of GMOA
Friday, 6 November 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment