ඉන්දීය ඖෂධ සමාගම් 3කට වසර 2 ක් ඖෂධ ගෙන්වීම තහනම්
ඒමන්ති මාරඹේ
රජයේ රෝහල්වලට වීදුරු කැබැලි සහිත එන්නත්, දියර කුප්පි සැපයූ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම් තුනකට මෙරටට ඖෂධ හා එන්නත් ගෙන්වීම වසර දෙකක කාලයක් තහනම් කිරීමට සෞඛ්‍ය, ආරක්ෂණ හා පෝෂණ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
මේ අනුව රත්නපුර රෝහලෙන් සොයාගත් වීදුරු කැබැලි සහිත "සෙෆරොක්සින්" එන්නත් දියර කුප්පි සැපයූ කිලිච් ඩග්ස් ඉන්ඩියා පුද්ගලික සමාගම, එම රෝහලෙන්ම සොයාගත් වීදුරු කැබැල්ලක් සහිත "හයිෙඩ්රාකෝටිසෝන්" එන්නත් දියර කුප්පි සැපයූ උමෙඩිකා ලැබෝරටරිස් සමාගම හා ඇල්පිටිය මූලික රෝහලෙන් සොයාගත් වීදුරු කැබැල්ලක් සහිත "පෙතිඩීන්" එන්නත් දියර කුප්පි සැපයූ "බෙල්කෝ ෆාමා" සමාගම වසර දෙකක කාලයක් අසාදු ලේඛනයට (බ්ලැක් ලිස්ට්) ඇතුළත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.
ජාතික ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා විසින් පෙරේදා (03 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා වෙත භාර දුන් මෙරටට අපද්‍රව්‍ය සහිත එන්නත් දියර කුප්පි ඇතුළු උපකරණ සැපයූ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම් හයක් සම්බන්ධව පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාවෙහි අදාළ සමාගම් තුන අසාදු ලේඛනයට ඇතුළත් කරන ලෙසට නිර්දේශ කර තිබේ.
මේ අනුව මෙම සමාගම් විසින් රජයේ රෝහල්වලට සපයන ලද අපද්‍රව්‍ය ඇතුළත් එන්නත් දියර කුප්පි කාණ්ඩවලට අයත් සියලු එන්නත් කුප්පි භාවිතයෙන් ඉවත් කර එම තොගයන් මෙරටට ගෙන්වීම සඳහා වැය කරන ලද මුළු මුදල අදාළ සමාගම්වලින් අය කර ගන්නා ලෙසද එම පරීක්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
ඇල්පිටිය, නුවරඑළිය හා ඇඹිලිපිටිය යන රෝහල්වලින් සොයාගත් වීදුරු කැබැලි සහිත "පෙනගන්" එන්නත් දියර කුප්පි සපයන ලද "මර්කර් ලැබෝරටරිස්" ආයතනයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම එම එන්නත් කුප්පිවල පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව සිදු කරන බවද වාර්තාවෙහි දැක්වේ.
ඉකුත් සිකුරාදා ජාතික ඖෂධ අධිකාරියේදී පැවැති අපද්‍රව්‍ය සහිත එන්නත් දියර කුප්පි සැපයූ ඉන්දීය ඖෂධ සමාගම් සඳහා වන පරීක්ෂණය සඳහා කැඳවනු ලැබූ ඉන්දීය සමාගම් හයෙන් හතරක් පමණ සහභාගි වූ අතර එයට නොපැමිණි ආයතන වන "බෙල්කෝ ෆාමා" ආයතන අසාදු ලේඛනයට වාර්තාවේ නිර්දේශයන්ට අනුව ඇතුළත් කර ඇති අතර සහභාගි නොවූ ඉතිරි ආයතනය වනුයේ තවමත් පරීක්ෂණ වාර්තා නොපැමිණි වීදුරු කැබැලි සහිත "පෙනගන්" එන්නත් දියර කුප්පි සැපයූ මර්කරි ලැබෝරටරිස් ආයතනයයි.
මේ අතර ඇඹිලිපිටිය මූලික රෝහලේ තිබී සොයාගත් ප්ලාස්ටික් කැබැල්ලක් සහිත සේලයින් බෝතලය සැපයූ බැක්ස්ටර් ඉන්ඩියා සමාගම අසාදු ලේඛනයට ඇතුළත් නොකිරීමට තීරණය වී ඇති අතර ඔවුනට ඉදිරි වසර දෙකක කාලය ඇතුළත තම නිෂ්පාදනාගාර සම්බන්ධ පිළිගත් නිෂ්පාදන තත්ත්ව සහතිකයක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දීමට නිර්දේශ වී තිබේ.
අනුරාධපුර මහ රෝහලේ තිබී සොයා ගත් සර්ප විෂ නැසීම සඳහා ලබාදෙන දුර්වර්ණ වූ "ඇන්ටි ස්නේක් වෙනම් සිරම්" එන්නත් දියර කුප්පි එසේ දුර්වර්ණ වීමට හේතු වී ඇත්තේ නිෂ්පාදන ක්රියාවලියෙහි වරදක් නිසා නොව එම එන්නත් ගබඩාකර තැබීමේදී නියමිත උෂ්ණත්වයක නොපැවතීම බවද අදාළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.
මෙම පරීක්ෂණ වාර්තාවේ නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මෙම සතිය ඇතුළතදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
Dear colleagues,
What do you think,"Justice served"?
-Well wisher
No comments:
Post a Comment